ජනතා කේන්ද්‍රීය ආර්ථීක ඉලක්ක සපුරා ගත යුතු වන්නේද, සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගිය යුත්තේ ද, මහ පොළව, සතා සීපාවා, ගහකොළට ද සංවේදී පුරවැසියන් ලෙස බව ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, අදට යෙදෙන පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්.
අතීත සම්ප්‍රදායන් අනුව පොසොන් පෙරහැර, තොරණ, දන්සැල් පවත්වමින් මහින්දාගමනය සැමරීමට අපට වර්තමානයේ ඉඩ ඇහිරී තිබෙනවා. එහෙත් පවතින කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙමින්, දහමට අනුගතව තථාගත දේශනාව අනුව ජීවිත අර්ථවත් කර ගැනීමට මෙම පොසොන් සමයේ අදිටන් කරගත යුතු බවයි ජනාධීපතිවරයා පවසන්නේ.
බුදු දහමේ හරය නිවැරදිව තෝරා බේරා ගැනීමටත්, බුද්ධ දර්ශනය අනුව අනගෙත දිවිපෙවෙත සැලසුම් කර ගැනීමටත්, දුෂ්කරව ගෙවා දමන මෙම කාලය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. මිහිඳු මා හිමියන් හඳුන්වා දුන් බුදු දහමේ ජීව ශක්තිය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් ලොව කිසිඳු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස පෙරට ආ බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා.
(Neth)