Tuesday, February 24, 2026
Follow Us
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ජංගම දුරකතන

දුෂ්කර පළාත්වල හෝ අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අඩු මුදලකට පහසු ගෙවීමේ පදනම මත ස්මාට් ජංගම දුරකතන මිලදී ගැනීම සඳහා ඉතා ඉක්මනින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සාකච්ඡා කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා විසින් ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මෙසේද කීය.

සමෘද්ධිලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා පහසු ගෙවීමේ ක්‍රමය යටතේ පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම්ට දැනුම්දී තිබෙනවා.

(Aruna)