Tuesday, February 24, 2026
Follow Us
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පසුගිය රජයේ මිල සූත්‍රය අනුව කටයුතු කළේ නම් අද රුපියල් එකසිය පනස් හතකට විකුණන 92 වර්ගයේ පැට්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැට හතක් දක්වාත් රුපියල් 111කට විකුණන ඩීසල් ලීටරයක් රුපියල් එකසිය විසි දෙකක් දක්වාත් ඉහළ යන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වර්තමාන ආණ්ඩුව එලෙස කටයුතු කර ජනතාව අපහසුතාවයට පත් නොකරන බව ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

(News.lk)