මෙම කන්නයේ පොහොර හිඟයක් ඇතැයි පැතිර යන කතාව අමූලික බොරුවක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
"මෙම කන්නයේ පොහොර හිඟයක් තියෙනවායි කියනවා නම් ඒක අමූලික බොරුවක්. මේ කන්නයේ පොහොර හිඟයක් තිබෙන්න හේතුවක් නෑ. මොකද මේ වෙනකොට 2018, 2019 ගත්තොත් ඊට වඩා විශාල වශයෙන් පොහොර ආනයනය කරලා තියෙනවා මේ කන්නයට. ඒකෙ පරිපාලනයේ සහ එය බෙදාහැරීමේ ප්‍රශ්නයක් ඇති සමහරක්විට. ඒ ප්‍රශ්නය විසඳන්න ඕනෙ, නමුත් පොහොර හිඟයක් තියෙනවායි කියන එක මේ කන්නයේ ප්‍රායෝගිකව එහෙම නැත්නම් තියෙන විශ්ලේෂණයන් සහ ගණං මිනුම්, මේ ආනයනය කරලා තියෙන ප්‍රමාණයන් එක්ක ගත්තාම කොහෙත්ම හේතුවක් නැහැ. ඒ නිසා සමහරක්විට සමහරක් කණ්ඩායම් මේක තමන්ගෙ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවද කියන එක ප්‍රශ්නයක්.
දෙවැනි ප්‍රශ්නය තමයි සහල් ගෙනෙන්නට අපි තීන්දු කළේ විශේෂයෙන් ආරක්ෂිත තොගයක් තබාගත යුතුයි. විශේෂයෙන් වර්තමානයේ උද්ගත වෙලා තියෙන තත්වයන් තුළ පාරිභෝගිකයින් සඳහා මේ වනකොට වෙළඳපොලේ සහල් මිල ඉහළ භාවයක් තිබෙනවා. එය පාලනය කරන්න එක ක්‍රමයක් තමයි තරගකාරීත්වයක් ඇති කරන එක. ඒ තරගකාරීත්වය ඇති කරන්නට කරන්න පුළුවන් දේ තමයි අපි මේ අවස්ථාවේදී මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඇනවුම් කිරීමට සහ වෙළඳපොලට දැමීමට බලාපොරොත්තු වෙන්නෙ. විශේෂයෙන්ම පාරිභෝගිකයින් ගැන හිතලා මිසක් වෙන පොහොර ප්‍රශ්නයක් නිසා නෙවෙයි කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනෙ. පොහොර ප්‍රශ්නයක් එනවා නම් එන්නෙ ඊගාව කන්නයට මිසක් මේ කන්නයට නෙවෙයි කියන එකත් සඳහන් කරන්නට ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
(LNW)