මෙරට වෙළඳපොළේ නිසි ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් වර්ග ඇත්තේ 3ක් පමණක් බව පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
වෙළඳ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නියමිත ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් නිෂ්පාදනය කරනු ලබනුයේ ද සමාගම් තුනක් පමණක් බවය.
ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ බහුජාතික සමාගම්වල ආධිපත්‍යයට මෙරට සබන් කර්මාන්තය සහමුලින්ම නතු වී ඇති බවයි.
මේ අතර නියමිත ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් සතොස හරහා රට පුරා බෙදා හැරීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් එම සබන් රුපියල් හතළිහක් වැනි අඩු මිලකට ලබාගත හැකි බවත් පෙන්වා දෙයි.
(Aruna)