Tuesday, February 24, 2026
Follow Us
කැස්බෑවන් ඇතුලු මුහුදු ජීවීන්ගේ මරණවලට නිෂ්චිත හේතුව ප්‍රමාද වීම ගැන වනජීවි ඇමති කතා කරයි

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවින් මියයාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ වනවිට කැස්බෑවන්, ඩොල්ෆින් මත්ස්‍යයින් සහ තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින් 80 කට අධික සංඛ්‍යාවක් වෙරළ තීරයන් වෙත ගොඩගසා ඇති බවයි වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍ය සී බී රත්නායක පැවසුවේ.

ඒ අතර කැස්බෑවන් 67 ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 10 ක් සහ තල්මසුන් තුන් දෙනෙකුද වනවා. එම මුහුදු ජීවින් මියයාමට නිශ්චිත හේතුව අනාවරණ කර ගැනීම සදහා මෙරට තුළ ඒ සදහා විශේෂිත වූ පරීක්‍ෂණාගාර නොමැතිවීම ඊට හේතුවී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

(Neth)