Tuesday, February 24, 2026
Follow Us
මසකට පසු සංචරණ සීමා ලිහිල් වෙයි - පළාත් සංචරණ සීමා තවදුරටත්

දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද අලුයම 04 ට ලිහිල් කෙරුණා. කෙසේ වෙතත් යලිත් 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 04 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

සංචරණ සීමා ලිහිල් කෙරුණු අද සිට ලබන ජූලි මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කළා. සංචරණ සීමා අද දිනයේ ලිහිල් කෙරෙන්නේ යම් යම් සීමාවන්ට යටත්ව බවයි පොලීසිය සදහන් කළේ. ඒ අනුව අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි.

සංචරණ සීමා ලිහිල් කෙරෙන අවස්ථාවලදී එක් නිවසකින් පිටව යා හැක්කේ උපරිම පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. සේවා ස්ථාන පවත්වාගෙන යනු ලබන හිමිකරුවන් ලබා දි ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව කටයුතු කළ යුතුයි. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිව ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවල නිරත සාමාජිකයන්ට පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

සංචරණ සීමා ලිහිල් කළ සැනින් අතපසු වූ සියලු කටයුතු එකවර සිදු කිරීමට උත්සහ නොගන්නා ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

සංචරණ සීමා ලිහිල් කෙරුණු අද දිනයේදී ජනතාව සෞඛ්‍ය ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරන්නේදැයි සොයා බැලී්ම සදහා සිවිල් ඇදුමින් සැරසුනු බුද්ධි අංශ නිලධාරීන් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. එවැනි පිරිස් පිලිබදව 0112 433 333 දුරකතන අංකය අමතා කොළඹ හදිසි ඇමතුම් අංශය වෙත තොරතුරු දැනුම්දිය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)