Tuesday, February 24, 2026
Follow Us
ලංකාවටත් දුම් කරවල ගමක්

ශ්‍රී ලංකාවේ පළමු වතාවට දුම් කරවල නිෂ්පාදන ධීවර ගම්මානක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි.

උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රිකයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහ කනදරාව වැවේ ධීවර කටයුතු සිදු කරන ධීවරයින්ගේ ගැටළු හඳුනා ගැනීම සඳහා පසුගිය 18 වැනිදා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහාන් කළේය.

2021 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සමෘද්ධි සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩ සටහන යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතයි.

එළෙබෙන ජුලි මස පළමු සතිය තුළ මෙම දුම් කරවල නිෂ්පාදන ගම්මානය ඇති කිරීමට කටයුතු කරන බව මෙහිදී ඇමැතිවරයා පැවැසීය. මේ හරහා නව තාක්ෂණය, යන්ත්‍රෝපකරණ සහ නව වෙළද පොලක් නිර්මාණය කිරීම අරමුණු වී තිබේ.

මේ වන විට මහ කනදරාව ගම්මානයේ ධිවර පවුල් 50කට ආසන්න පිරිසක් ජීවත් වේ.

දෛනික වෙළදාම් කටයුතු සිදු කර ගැනීමට නොහැකිව ඉතුරු වන මසුන් ව්‍යාපෘතිය හරහා දුම් කරවල බවට පත් කිරීමට නියමිතය.

මේ ඔස්සේ බිහි වන තරගකාරී වෙළෙඳ පොල තුළ ධීවරයින්ට සහ මහ ජනතාවට අපහසුතාවයකින් තොරව දුම් කරවල අලවිකිරීමට සහ මිලදී ගැනීමට හැකිවනු ඇති බවත් මේ වෙනුවෙන් සමෘද්ධි අමාත්‍යාංශය සහ අනුරාධපුර ධීවර සහ ජලජ සම්පත් ඒකකය එක්ව කටයුතු කරන බවත් මෙහිදී ඇමැතිවරයා ධීවරයින් හට පැවසීය.

(Aruna)