Tuesday, February 24, 2026
Follow Us
අද සිට 23 දක්වා දිනකට දුම්රිය ගමන්වාර 46ක්

අද (21 වැනිදා) සිට අනිද්දා (23 වැනිදා) දක්වා දිනකට දුම්රිය ගමන්වාර 46ක් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න අරුණට ඊයේ (20 වැනිදා) පැවසීය.

ඉන් පසු දුම්රිය ධාවනය කිරීමේ කටයුතු සිදුකරන ආකාරය ගැන අද ප්‍රවාහන ඇමැතිවරයා ප්‍රමුඛ දුම්රිය බලධාරීන් හා සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව දැනුම් දෙන බවද හෙතෙම කීවේය.

මුහුදුබඩ මාර්ගයේ උදෑසන ගමන්වාර 07ක්ද, ප්‍රධාන මාර්ගයේ 06ක්ද, පුත්තලම් මාර්ගයේ 06ක් හා කැලණිවැලි මාර්ගයේ 04ක් ලෙස දුම්රිය 23ක් මෙලෙස ධාවනයට එක්කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
උදෑසන ධාවනය වන ගමන් වාර සංඛ්‍යාව සවස නැවත ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අලුත්ගම දක්වාත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය අඹේපුස්ස දක්වාත්, පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ දක්වාත් කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල දක්වාත් ධාවනය වේ.

(Aruna)