Tuesday, February 24, 2026
Follow Us
නිසි අවසරයකින් තොරව පොල්ගස් කැපීම තහනම් - ගැසට් නිවේදනය නිකුත් වෙයි

අවසර ලබා ගැනීමකින් තොරව පොල් ගස් කැපීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගස් කපා හෙළීම් පාලන පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව කොස්, ගම් දෙල්, තල් යන ශාඛවලට අමතරව පොල් ගස්ද කපා හෙළීම් පාලනය කළයුතු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ගැසට් නිවේදනය අනුව පොල් ගස් කැපීම සඳහා අවසර නිකුත් කිරීමේ නිසි බළධාරියා වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයායි. ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරයකින් තොරව කිසිදු ප්‍රදේශයක පොල් ගස් කැපීම තහනම් වේ.

(LNW)