Tuesday, February 24, 2026
Follow Us
තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් - තැපැල් සේවයත් අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරයි

සංචරණ සීමා ක්‍රියාත්මක වෙන කාලසීමාවේ දී තැපැල් සේවයට අදාළ කාර්යයන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පි.බි ජයසුන්දර මහතා විසිනුයි එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

ඒ අනුව දේශීය හා විදේශීය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාරගැනීම, බෙදාහැරීම සහ තොරතුරු වාර්තා කිරීම, ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා භාර දීමේ සේවාව, දේශීය හා විදේශීය අධිවේගී තැපැල් සේවාව, ඖෂධ බෙදාහැරීමේ විශේෂ සේවාව හා මුදල් හුවමාරුව ඇතුළු තැපැල් සේවාවට අදාළ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

(LNW)