දිවයින පුරා දැනට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා 21 වන දා අලුයම 4ට ඉවත් කිරීමෙන් අනතුරුව පළාත් අතර පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
දුම්රිය ධාවනය ජූනි මස 23 වන දා රාත්‍රීයේ නැවත සංචරණ සීමා පැනවෙන තෙක් ක්‍රියාත්මක වන අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 4ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 4ක් හා පුත්තලම් මාර්ගයේ දුම්රිය 3ක් ධාවනය වීමට නියමිත බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගමනාගමන, ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.
දුම්රිය ආරම්භ කරන ස්ථාන
ප්‍රධාන මාර්ගයේ,
අබේපුස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රිය 3ක්
මීරිගම දුම්රිය ස්ථානයෙන් දුම්රිය 1ක්
වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය 1ක්
ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රිය 1ක්
මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සිට දුම්රිය 4ක්
කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට දුම්රිය 2ක් හා පාදුක්කේ සිට දුම්රිය 2ක්
හලාවත මාර්ගයේ,
කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් දුම්රිය 1ක්
මීගමුව දුම්රිය ස්ථානයෙන් දුම්රිය 2ක්
මීට අමතරව ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ සහ මීරිගම සිට පැමිණෙන දුම්රිය දෙකක් පානදුර දක්වා දීර්ඝ කිරීමට නියමිත අතර ඊට අමතරව මහනුවර,පොල්ගහවෙල, අනුරාධපුර යන ප්‍රදේශවල ද දුම්රිය ධාවනය සිදුවේ.
(Aruna)