Tuesday, February 24, 2026
Follow Us
නයිට්‍රජන් දියර පොහොර ආනයනයට පියවර

එළැඹෙන මහ කන්නයට අවශ්‍ය නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එළැඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර ඒ බව අනාවරණය කරන ලද්දේ එහිදීය.

මේ සඳහා ජාත්‍යන්තර ටෙන්ඩරයක් දාලා අවශ්‍ය කටයුතු සිදු කරමින් යන බව ඔහු වැඩිදුරටත් පැවසීය

ඒ අනුව හෙක්ටයාරයක් සඳහා ගොවියෙකුට කාබනික පොහොර කිලෝග්‍රෑම් 500ක්, ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් කිලෝග්‍රෑම් 5ක්, පොටෑසියම් කිලෝග්‍රෑම් 35ක් සහ ජෛව පොහොර ලීටර 10ක් ලබාදීමට මෙහිදී නිර්දේශ කර තිබේ.

(Aruna)