ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට බවයි වාර්තාවන්නේ.
ඒ අනුව හිස් වූ පුරප්පාඩුව සඳහා එම කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැලකෙන නිහාල් කැප්පෙටිපොළ මහතා පත්කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් ඉවත් වීමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ ඔහුගේ පෞද්ගලික තීරණයකට බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා භාරගෙන නොමැති බවයි රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ.
(Neth)