කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් එම සමාගම් රජයෙන් සිදුකර ඇති ඉල්ලීම පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි.
කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සාකච්ඡා කර විසඳා ගත හැකි මට්ටමේ පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙරටට ආනයනය කරන සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් ඉල්ලීම් කර ඇති බවයි.
මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායේදී එළවළු, පළතුරු මිල ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතා මගහැරවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
(NEth)