Tuesday, February 24, 2026
Follow Us
අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අණ පරිදි නිකුත්කර ඇති මෙම ගැසට් නිවේදනයේ මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුලත්.

පළාත් සභා යටතේ වන රජයේ කාර්යාල මගින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය සේවාවන් ද මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය කර තිබෙනවා.

ඊට අමතරව වරාය, පෙට්‍රෝලියම් නිෂ්පාදන, රේගුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු ප්‍රවාහන ප්‍රධානයි. මේ හැරුණුවිට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු පරිපාලන ඒකක ද මහබැංකුව ඇතුලු සියලු රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු ද සමූපකාර සතොස ආදී ජනතාවට ආහාර පාන ද්‍රව්‍ය සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට අදාළවන ආයතන ද මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය කෙරෙනවා.
(Neth)