Sunday, April 26, 2026
Follow Us
  කොවිඩ් මරණ අඩුවෙන්න සති තුනක් යයි

දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක්


සමස්තයක් ලෙස දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් පවතින බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

ඇය සඳහන් කළේ සංචරණ සීමා පැනවීමත් සමග මෙලෙස කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බවය.

 

සංචරණ සීමා

එසේම සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු කළද ඉදිරියේදී පුද්ගල ක්‍රියාකාරකම් සිදු කිරීමේදී එනම් සාද පැවැත්වීම වෙනත් පුද්ගල ඒකාරාශීවීම්වලට ඇති සීමාවන් ලිහිල් නොකරන බවද ඇය සඳහන් කළාය.

කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුවීමට තවත් සති තුනක පමණ කාලයක් ගත වනු ඇති
එසේම සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුවීමට තවත් සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බවද කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් කියා සිටියාය.

(Aruna)