සංචරණ සීමා ඉදිරියේදී යම් හෙයකින් ඉවත් කෙරුණ ද, පවතින තත්ත්වයන් යටතේ ජනතාව ස්වයං සංචරණ සීමා පනවා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි ඔහු කියා සිටියේ සංචරණ සීමා ඉවත් කිරිම එක් වරම සිදු කළ නොහැකි බවයි.
මේ අතර කොරෝනා වෛරසයේ සමාජ පැතිරීමක් ඇත්දැයි සොයා බැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු ඡක්‍ඍ පරීක්ෂණ සිදුකරන ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය අංශවලට මේවනවිටත් උපදෙස් ලබාදී තිබෙනවා. දැනට පනවා ඇති සංචරණ සීමාවන්හි සාර්ථකත්වය සොයා බැලීම ද එහි අරමුණක්. දැනට පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා තෙක් ක්‍රියාත්මකයි.
(Neth)