Tuesday, February 24, 2026
Follow Us
හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාසයයි

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාසල් විවෘත කිරීමට පසුබිමක් ක්‍රමානුකූල ව සකස් කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සමග අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක් අවසානයේ මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.

දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් පන්ති කාමරය තුළ ගුරුවරයා සමග සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක තත්ත්වයක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශය පාසල් විවෘත කීරීමට සූදානම් නමුත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කළ හැකි බව ද අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

ජුනි 29 වනදා යළි පාසල් විවෘත කරනවාද?

ගුරුවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ඇති විසදුම එන්නත්කරණය මෙන්ම දෙමාපියන්ගේ විශ්වාසය ද නොගැනීම සිදුකළ හැක්කේ එන්නත්කරණයෙන් බව ද අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

(Aruna)