Tuesday, February 24, 2026
Follow Us
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර හිමිවෙයි

සුපිරි වෙලෙදසැල් මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ කොන්දේසි කිහිපයකට යටත්ව බවයි සුරාබදු කොමසාරි ජනරාල් එම්.ජේ.ගුණසිරි සඳහන් කලේ.

මේ වන විට සංචරණ සීමා පනවා ඇති හෙයින් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා පළමුව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ලබා ගැනීම පළමුව සිදුකළ යුතුව ඇති බවයි ඔහු සඳහන් කලේ.

එක් පුද්ගලයෙකුට එක් වරකදී ඇණවුම් කිරීමට අවසර හිමිවන්නේ දේශීය මත්පැන් ලීටර් 05ක් හෝ විදේශීය මත්පැන් ලීටර් 12ක් පමණක් වන අතර උදෑසන 9 සිට පස්වරු 6.00 දක්වා මත්පැන් අලෙවි කිරීමට සුපිරි වෙළදසැල් සඳහා අවසර හිමිවනු ඇත.
ඔන්ලයින් ක්‍රමය හරහා මත්පැන් අලෙවි කිරීමේදී කිසිදු අයුරකින් ප්‍රචාරණයක් සිදු කිරීම තහනම් බවත්, මත්පැන් අලෙවී කිරීමේදී එය සිදුකරන්නේ අවුරුදු 21කට වැඩි පාරිභෝගිකයින්ට බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම සිදුකළ යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ.

එමෙන්ම මත්පැන් ලබාදීම සිදුකළ යුතු අයුරු සම්බන්ධයෙන් වන ක්‍රමවේදය ඉදිරියේදී දැනුම් දෙන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(Neth)