Tuesday, February 24, 2026
Follow Us
මරණ අඩු වෙන්න තවත් සති 2ක් හෝ 3ක් ගතවේවි

කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තා වීමේ පැහැදිළි අඩුවක් තිබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කරනු ලැබුවේ රාගම ශික්ෂණ රෝහලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එසේම සංචරණ සීමා දැන් දීර්ඝ කර තිබීම නිසා රටේ බහුතරය අද නිවෙස්වලම සිටින බැවින් එය කොවිඩ් පාලනයට බෙහෙවින් ඉවහල් වී ඇති බවත් සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,

“සංචරණ සීමා දැන් දීර්ඝ කරලා තියෙනවා නේ රජය. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බලපුවාම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවටත් අසීරුතා තියෙනවා. ඕනම දෙයක් කරනකොට ප්‍රශ්න තියෙනවා. නමුත් රටේ බහුතරයක් අද නිවෙස්වලට වෙලා ඉන්නවා. ප්‍රථමයෙන් රෝගීන් වැඩි වුණා. දැන් වෙනකොට රෝගීන් අඩුවෙලා. මරණ අඩු වෙන්න තවත් සති 2ක් හෝ 3ක් යයි. මේ අලුත් ප්‍රභේදය නිසා රෝගය හැදිලා දින 10ක ඇතුළතත් මරණ සිදු වෙනවා.”

(Aruna)