Sunday, April 26, 2026
Follow Us
වාහන ආනයනයේ ණයවර ලිපි ගැන කැබිනට් තීරණය

මේවන විට මතබේදයට තුඩුදී තිබෙන වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සමග සාකච්ඡා කොට ඒවා අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇති බව පැවසෙයි.

අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර ඇත.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල,

“ප්‍රතිපත්තිමය තීන්දුව එක්කම සෑම දෙයකම ක්‍රියාවලියක් තියෙනවා. ණයවර ලිපි විවෘත කිරීමේදී පාර්ශ්ව තුනක් එකඟතාවයකට එනවා. භාණ්ඩාගාරය, බැංකුව සහ නිෂ්පාදකයා. මේ පාර්ශ්ව 3ම එකඟ වුණා මෙය අවලංගු කරන්න.”

(Aruna)