Tuesday, February 24, 2026
Follow Us
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යයි ද?

රට තුළ පවතින කොරෝනා වසංගතයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් 2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විම කල් යාමේ අවදානමක් මතුව ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඇතුළු අදාළ බලධාරින් සමග සාකච්ඡා කර නිශ්චිත දින වකවානු තීරණය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි මාධ්‍ය ප්‍රශ්න පත්‍ර ඇගැයීමේ කටයුතුවලට ද බාධා මතුව ඇති අතර සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව අමාත්‍යංශය පවසයි.

මේ අතර 2020 උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර කැඳවීම කඩිනමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

(Aruna)