Tuesday, February 24, 2026
Follow Us
සංචරණ සීමා තවත් දිගු කිරීමට සාධාරණ හේතු කියන්න

එළැඹෙන 21 වැනිදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නම් ඊට සාධාරණ හේතු ඉදිරිපත් කරන්න


එළැඹෙන 21 වැනිදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නම් ඊට සාධාරණ හේතු ඉදිරිපත් කරන ලෙස කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර ඇත.

හුදෙකලා කිරීම් පෙර දැනුම්දීමකින් තොරව එළැඹෙන 21 වැනිදායින් පසුවත් සංචරණ සීමා දික්කිරීමට බලාපොරොත්තු වනවා නම් සමාජයේ කොවිඩ් ව්‍යාප්තියක් හෝ මරණ සංඛ්‍යාවේ වැඩිවීම ගැන පැහැදිලි අර්ථ කථනයක් ලබාදිය යුතු බව කොවිඩ් කමිටුවේදී අවධාරණය කර ඇත.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානින්, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානින් සමග පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කර තිබේ.

නිරෝධායනය අවසන් කර සමාජගත කෙරෙන පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට කරන පී.සී.ආර්. පරීක්ෂණ මගින් දැනට ආසාදිත සංඛ්‍යාව වැඩිවී ඇති නමුත් සමාජයේ ව්‍යාප්තියක් නොවන බවට තහවුරු වී ඇති බවත් මෙහිදී පෙන්වා දී ඇත. කොවිඩ් මරණවල පී.සී.ආර්. පරීක්ෂණ නිසි වේලාවට ලබානොදීමත් සමාජ ව්‍යාප්තිය ගැනත් සංඛ්‍යා ලේඛන මගින් තීරණ ගත නොහැකි බව ද අවධාරණය කර තිබේ.

පසුගිය සඳුදා (14 වැනිදා) සිට අඩුම තරමින් තවත් සති දෙකක්වත් රට වසා තැබීමෙන් කොවිඩ් වසංගතය පැතිරීම කළමනාකරණය කළ හැකියි
පසුගිය සඳුදා (14 වැනිදා) සිට අඩුම තරමින් තවත් සති දෙකක්වත් රට වසා තැබීමෙන් කොවිඩ් වසංගතය පැතිරීම කළමනාකරණය කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යළිත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

(Aruna)