ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල්වලට අවසර ලබා දී ඇති බවට පුවතක් අද විවිධ වෙබ් අඩවි හරහා වාර්තා වී තිබිණි. කෙසේ නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ.
කෙසේ නමුත් ඔන්ලයින් පාරිභෝගිකයන් වෙත මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබා දෙන්නැයි සුපිරි වෙළඳසැල් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන් දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ලැබී ඇති බවද කුමාරසිංහ මහතා පවසනවා. මේ දක්වා එම ඉල්ලීම් සඳහා අවසර ලබාදීමට තීරණය කර නොමැති බවද ඔහු සඳහන් කරයි.
(LNW)