Tuesday, February 24, 2026
Follow Us
පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවට රජයේ රෝහල් වලින් බෙහෙත්

පෞද්ගලික අංශයෙන් අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා ගත් බෙහෙත් වට්ටෝරුවල ඇති බෙහෙත්වල යම් අඩුවක් ඇත්නම් ඒවා ළඟම ඇති රජයේ රෝහලේ බාහිර රෝගී අංශවලින් ලබාදීමට වැඩපිළිවෙළක් යොදා ඇතැයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි .

එවැනි රෝගාබාධ සඳහා නිසි වේලාවට ඖෂධ ලබා නොගැනීම කොවිඩ් වැළඳීම තරම්ම භයානක හෙයින් ළඟම ඇති රෝහලට ගොස් තමන්ගේ බෙහෙත් වට්ටෝරුවේ ඇති අඩුපාඩු වහාම සපුරා ගන්නා ලෙසද ගුණසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

(Aruna)