Tuesday, February 24, 2026
Follow Us
ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

(Aruna)