කොවිඩ් ආසාදිතයන්ගේ මරණ පරීක්ෂණ වාර්තා පැය හැත්තෑ දෙකක් ඇතුළත හෝ පැය අනූ හයක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
පසුගිය මාස කීපය පුරා අධිකරණ කටයුතු හේතුවෙන් ඇතැම් මරණ පරීක්ෂණ වාර්තාවන් ප්‍රමාද වීම හා හදිසි මරණ පරීක්ෂණයන් හා පශ්චාත් මරණ පරීක්ෂණයන් ප්‍රමාද වීම හේතුවෙන් මරණ පරීක්ෂණ වාර්තාවන් නිකුත් කිරීමට සැලකියයුතු කාලයක් ගත වූ බව ඔහු පෙන්වා දේ. අදින් (14 වැනිදා) ආරම්භ වන සතියේ සිට කොවිඩ් මරණ පරීක්ෂණ වාර්තාවන් දින තුනක් හෝ හතරක් ඇතුළත නිකුත් කිරීමට හැකි වනු ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
එසේම සති 3ක් පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමාවන්ගේ ප්‍රතිඵල ඉදිරි සති දෙක ඇතුළත දැක ගැනීමට හැකිවන බව ද ඔහු අවධාරණය කරයි.
(Aruna)