Tuesday, February 24, 2026
Follow Us
මිල පාලනයට පොන්නි සම්බා ගෙන්වන යෝජනාවට ජනපති පිටුපායි

සහල් මිල පාලනය කිරීම සඳහා පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජීවන වියදම් කමිටුවේ දී කළ ඉල්ලීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කර ඇත.

වෙළෙඳ අමාත්‍යවරයා මීට පෙර අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් කළ මෙම ඉල්ලීමද අමාත්‍ය මණ්ඩලයද ප්‍රතික්ෂේප කර තිබුණි.

පොන්නි සම්බා ආනයනය කර ස.තො.ස. ශාඛා මගින් අලෙවි කිරීම අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී තිබේ.

නමුත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සහල් ආනයනය නොකළ යුතු බවයි. කෙසේ වෙතත් ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොදමන ලෙස ජීවන වියදම් කමිටුවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේ.

කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ නැංවීමට අධිකාරියේ අනුමැතිය ලැබිය යුතුය.

(Aruna)