Tuesday, February 24, 2026
Follow Us
ගිනිගත් නැවේ තෙල් කාන්දුව ගැන සොයන්න CIDයත් එයි

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවනවා ද යන්න සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද(12) ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට යාමට නියමිත බව පොලිසිය පවසයි.

අදාළ කණ්ඩායම විසින් එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජල සාම්පල ලබා ගැනීමට නියමිත අතර ලබා ගන්නා ජල සාම්පල ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.

(Aruna)