Sunday, April 26, 2026
Follow Us
නිරෝධායන ඇඳිරි නිතිය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිරෝධායන ඇඳිරි නිතිය පැනවිය යුතුද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ අදාල අංශ සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නිතිය පැනවීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී යුද හමුදාපතිවරයා කියා සිටියේ.

(Neth)