Tuesday, February 24, 2026
Follow Us
සංචරණ කාලසීමාව පුරාවටම කොළඹට ඇතුලුවන රථවාහන සදහා හෙට සිට තනි ස්ටිකරයක්

අත්‍යවශ්‍ය සේවා සදහා කොළඹ නගරයට පැමිණෙන රථ වාහන සදහා හෙට සිට නව ස්ටිකරයක් හදුන්වාදෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව හෙට සිට සංචරණ සීමා බල පැවැත්වෙන කාල සීමාවට අදාල වන තනි ස්ටිකරයක් හදුන්වා දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඊයේ දිනයේදී කෙළඹ නගරයට ඇතුලු වාහන සංඛ්‍යාවේ අඩුවක් දක්නට තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

ගත වූ පැය 24 දී නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 995 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)