Wednesday, February 25, 2026
Follow Us
සංචරණ සීමා ලබන ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මීට පෙර සඳහන් කර තිබුණේ පනවා ඇති සංචරණ සීමා ජූනි මස 7 වන දින තෙක් පමණක් ක්‍රියාත්මක වන බවය.

කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇත.

(Aruna)