Wednesday, February 25, 2026
Follow Us
පෙර පාසල් ගුරු පඩි වැඩිවෙයි

පෙර පාසල් ගුරුවරුන් සඳහා යම් නිශ්චිත පුහුණුවක් ලබාදීමෙන් පසු ඔවුන්ට ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගෙවීම සිදුකිරීමට නියමිතය.

ඒ අනුව මාසික ලබාදුන් රු 250ක දීමනාව රු 2,500ක් දක්වා ඉහළ දමා ඇත.

එහි පළමු අදියර ලෙස හඳුනාගත් නිර්ණායක මත පදනම්ව සුදුසුකම් ලැබු පෙර පාසල් ගුරුවරු 25,000ක් සඳහා එම දීමනාව ලබාදීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබාදුන් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(Aruna)