Wednesday, February 25, 2026
Follow Us
දිවයිනපුරා සුරාසැල්වලට සීල් තියයි

දිවයිනපුරා පිහිටි මත්පැන් අලෙවිහල් 4500ටම මත්පැන් අලෙවි කිරීමට නොහැකි වන ලෙස මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (31 වැනිදා) පියවර ගෙන තිබේ.

සංචරණ සීමා පැනවූ මුල් අවස්ථාවේදී දකුණ හා මධ්‍යම පළාත්වල අලෙවිහල්වලට මුද්‍රා තැබිණි.

වසා දමා ඇති මත්පැන් අලෙවිහල් මගින් මත්පැන් විකුණන බවට ලැබුණු පැමිණිලි මත මෙලෙස රටේ සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තැබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවැසුවේය.

කඩුගන්නාව ප්‍රදේශයේ බලයලත් හෝටලයක මත්පැන් කවුන්ටරය විවෘත කර මත්පැන් අලෙවි කිරීමේදී එම ස්ථානයද පෙරේදා (30 වැනිදා) වැටලූ සුරාබදු නිලධාරීන් එකී හෝටලයට ද මුද්‍රා තැබීමට කටයුතු කළේය.

(Aruna)