Tuesday, February 03, 2026
Follow Us
අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ලබන අගහරුවාදා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කැදවා තිබෙනවා.

එමෙන්ම එදිනට එම කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස නීතිය හා සාමය අමාත්‍යාංශය භාරව කටයුතු කළ සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන්ටද දැනුම් දුන් බවයි එහි නියෝජිතයෙකු නෙත් නිවුස් වෙත සදහන් කළේ. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ලබන අගහරුවාදා පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී ජගත් නිශාන්ත ඊයේ දිනයේ එම කාරක සභාව හමුවේ පෙනී සිටියා.

(Neth)