Sunday, April 26, 2026
Follow Us
‘සයිනෝෆාම්’ තවත් ලක්‍ෂ 10 ක් ජූනි 06 ශ්‍රී ලංකාවට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ‘සයිනෝෆාම්’ එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 ක් ලබන ජූනි 6 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාවට මුදාහරින්නේ යැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

එම එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 හැකි ඉක්මණින් ප්‍රමුඛතාව මත ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

(Lanka Leads)