Wednesday, February 25, 2026
Follow Us
රෝහල් තුළ ඔක්සිජන් ධාරිතාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල් 25ක් තුළ විශේෂ අධි සත්කාර ඒකක ස්ථාපිත කිටීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම සඳහා හඳුනාගත් රෝහල් 15ක ඔක්සිජන් යන්ත්‍ර 15 ක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

එක් දිස්ත්‍රික්කයක් සඳහා ජංගම වෛද්‍ය ඔක්සිජන් උත්පාදන යන්ත්‍ර 100ක් බැගින් දිස්ත්‍රික්ක 25ක් සඳහා එවැනි ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 2500ක් සැපයීම සහ එමගින් රෝහල් තුළ සිලින්ඩර මගින් ඔක්සිජන් සැපයීමේ අවශ්‍යතාව අවම කිරීම මෙමගින් බලාපොරොත්තු වනවා.

(Neth)