Wednesday, February 25, 2026
Follow Us
කොළඹ නව පොලිස් ස්ථාන විවෘත කිරීම කල් යයි

කොළඹ දිස්ත්‍රීක්කයේ ස්ථාපිත කිරීමට නියමිත නව පොලිස් ස්ථාන කිහිපයක ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒම පොලිස් ස්ථාන විවෘත කිරීම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ නව පොලිස් ස්ථාන 47ක් ස්ථාපිත කිරීමට නියමිත බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

ඉදිරි මාස කිහිපය තුළ නව පොලිස් ස්ථාන 197 ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)