Wednesday, February 25, 2026
Follow Us
ගුරු විද්‍යාල අවසන් විභාගය කල් යයි

විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇත.

විභාගය 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

පවත්නා කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත විභාගය කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එසේම නැවත විභාගය පැවැත්වෙන දින පසුව දැනුම්දෙන බවද අධ්‍යාපන අමාත්යංශය සඳහන් කරයි.

(Aruna)