Wednesday, February 25, 2026
Follow Us
O/L හා A/L විභාග පැවැත්වෙන කාලයේ වෙනසක්

අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්වීමටත්, අ.පො.ස. උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අඩු කිරීමට මෙම යෝජනාව කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කර තිබේ.

10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසරක් සහ මාස 09ක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

(Aruna)