Wednesday, February 25, 2026
Follow Us
බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඉල්ලුම්කරු සමත්විය යුතු විශේෂ පරීක්ෂණයක් ඉදිරි සති කිහිපයේදී ඇරඹෙන බව රාජ්‍ය ඇමති කියයි

බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අදාල පුද්ගලයා මාසයක් ඇතුලත මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ ඉදිරි සති කිහිපයේදී ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දැනට වසා දමා තිබෙනවා.

එම කාර්යාල විවෘත වූ පසු මෙම නව වැඩපිළිවල ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වැලැක්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වන බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මෙහිදී කියා සිටියා.

(Neth)