Thursday, February 26, 2026
Follow Us
ආසාදිතයන් වැඩි වුවහොත් ගන්නා පියවර මෙන්න

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වීමක් සිදුවුව හොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත්කර හෝ සියලුම රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන බව කොවිඩ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ඇති පරිදි ඔක්සිජන්වල කිසිදු හිඟයක් මේ දක්වා නොමැති බවත් රෝහල්වල ධාරිතාවේ ගැටලූවක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් සඳහන් කර ඇත.

(Aruna)