Thursday, February 26, 2026
Follow Us
බන්ධනාගාර රැඳවියන් හමුවීමට එන අයට දැනුම්දීමක්

බන්ධනාගාර රැඳවියන් හමුවීමට පැමිණෙන අයට දෙසතියකට එම හමුවීම් අත්හිටුවා තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

රටේ පවතින කොවිඩ් අවධානම හමුවේ ආසාදිතයන් ඉහළයාම හේතුවෙන් එම තීරණය ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

මේ අනුව හෙට (24) දින සිට දෙසතියක කාලයක් අමුත්තන් පෙන්වීම අත්හිටුවනු ඇති.

එසේම බන්ධනාගාර ආපන ශාලාවට මුදල් ගෙවා ආහාර පාන ලබාදීමේ කටයුතු එලෙසම ක්‍රියාත්මක බව ද පැවසෙයි.

(Aruna)