Thursday, February 26, 2026
Follow Us
විෂ පොල් තෙල් ගෙන්වූ සමාගම් 2කට රේගුවෙන් දැනුම්දීමක්

විෂ සහිත පිළිකා කාරක අන්තර්ගත පොල් තෙල් ආනයනය කළ සෙසු සමාගම් 2ටත් එම තොග ප්‍රතිඅපනයනය සඳහා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව දැනුම් දී ඇත.

තෙල් ආනයනික සමාගම් 03 අතරින් අදාළ පොල් තෙල් තොග ප්‍රතිඅපනයනයකර තිබෙන්නේ එක් සමාගමක් පමණි.

අලි බ්‍රදර්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් හා කටාන රිෆයිනරීස් යන සමාගම් 03 ආනයනය කළ ඇෆලටොක්සීන් ඉහළ ප්‍රතිශතයක් සහිත පොල් තෙල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1850 ක් පමණය. මේ අතර කටාන රිෆයිනරීස් සමාගම ගෙන්වූ සම්පූර්ණ ප්‍රමාණය වූ මෙට්‍රික්ටොන් 105ක තොගය මැලේසියාවට ප්‍රතිඅපනයනය කිරීමට රේගුව පසුගියදා පියවර ගෙන තිබුණි.

(Aruna)