Thursday, February 26, 2026
Follow Us
ආණ්ඩුවේ වැඩපිළිවෙල පස්සට අදින නිලධාරීන් ගැන ජනපතිට පැමිණිලි

ආණ්ඩුවේ වැඩපිළිවෙලට ඇතැම් රාජ්‍ය නිලධාරීන් බාධාවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවසා තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ඉකුත්දා පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් ලබන සඳුදා සාකච්ඡාවකට කැඳවා තිබෙනවා. ඒ, පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

(Neth)