Thursday, February 26, 2026
Follow Us
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කෙරේ

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය පිහිටුවීමේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

අදාළ රක්ෂිත ප්‍රදේශය හෙක්ටයාර 23746.55 සමන්විත වේ.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවලට අයත් හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර සහ තණමල්විල යන ප්‍රදේශීය කොට්ඨාස තුළ එම වනඅලි කළමණාකරණ රක්ෂිත ප්‍රදේශය පිහිටා ඇති බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

(Aruna)