Thursday, February 26, 2026
Follow Us
ස්පුටිනික් V එන්නත් මිලියන 7ක් මිලදී ගන්න කැබිනට් අනුමැතිය

රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් V කෝවිඩ්-19 වෛරස මර්දන එන්නත් මිලියන 7ක් ගෙන්වීම සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි හතක පමණ මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එන්නත මිලියන 7 මිලදී ගැනීම සඳහා වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 69.65කි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් V එන්නත මෙරට තුළ හදිසි භාවිතය සදහා පසුගිය දා අනුමැතිය ලබාදී ඇත.

මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදියර කීපයක් යටතේ රුසියාවෙන් ආනයනය කෙරෙනු ඇත.

(Aruna)