Friday, February 27, 2026
Follow Us
දළදා පෙරහැර ලෝක උරුමයක් කිරීමට යෝජනා

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පවසයි.

අදාළ යෝජනාව පැරිස් නුවර පිහිටි යුනේස්කෝ සංවිධාන මූලස්ථානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව එහි ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්තැන්න මහතා සඳහන් කරයි.

එය අස්පර්ශක උරුමයක් ලෙස නම් කිරීමට නියමිතව තිබෙන බව ආචාර්ය පුංචි නිලමේ මීගස්තැන්න මහතා සඳහන් කරයි.

මීට අමතරව මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව ද ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි වාරිමාර්ග අමාත්‍යාංශය යෝජනවක් ඉදිරිපත් කර ඇති බව ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)