Friday, February 27, 2026
Follow Us
කොවිඩ් දේහ භූමදාන පිළිබඳ ගැටලුව අවසන්

කොවිඩ් දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරට විවිධ ප්‍රදේශවල රඳවාගෙන තිබූ කොවිඩ් දේහ 45ක් මේ වනවිට භූමදානය කර අවසන් බව යුද හමුදාපතිවරයා පැවසීය.

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ උස් භූමියක මෙම කොවිඩ් දේහ භූමදාන කටයුතු සිදු කෙරෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)